සමාජ ජාල ආචාර ධර්ම
අද මම කතා
කරන්න යන්නේ සමාජ ජාල භාවිතයේදී ඔබ ක්‍රියා
කල යුතු යුතු ආකාරයයිග
පුද්ගලයෙක්ට
හිතෙන්න පුළුවන් මේක මගේ වෙබ් පිටුවල මේක
මගේ Youtube චැනලය මේක
මගේ Facebook පිටුවල මේක
මගේ ඉඩකඩල මමයි මේකේ රජාල එක නිසා මම මට ඕන විදියට මේකේ සෙල්ලම් දානවා කියලා. එහෙම හිතුවොත් ඔබ
වැරදියි.
අන්තර්ජාලයේ
ලොව වටා ලොකු කුඩා සියලු දෙනා සැරිසරනවාග මේ සියලු දෙන එකිනෙකට සම්බන්ධ වෙන අවස්ථා
තියෙනවා. එවැනි මොහොතක ඔබ විසින් අන්තර්ජාල හිංසනයක් ( Cyber
Bullying ) කල විට එම ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට
ගොදුරුවූවාටල අපහසුතාවට පත්වූවාට අයිතිය තියෙනවා.
අපි බලමු අන්තර්ජාල හිංසනය කියන්නේ මොකක්ද කියලා
සයිබර් හිංසනය
නොහොත් අන්තර්ජාලය තුල සිදුවන හිරිහැර කරදර මේ නමින් හැදින් වේ.

කට කතාල
තර්ජනල හිංසාකාරී ලිංගික කාරණාල ගොදුරු වුවන්ගේ අතිශය පෞද්ගලික තොරතුරුල
චිත්තාවේගීය ප්‍රකාශ යනාදිය මෙම කාරණයට ඇතුලත් වේ.
වයස 12
- 19 අතර තරුණ ප්‍රජාව අතර
බොහෝ සේ පැතිරී තිබෙන මෙම ක්‍රියාවලිය ලොව පුරා සිදුවේග බොහොමයක් අන්තර්ජාල භාවිතා
කරන්නන් සෘජුව හෝ වක්‍රව මෙම ක්‍රියාවලියට සම්බන්ධ වේ.
හානි කිරීමේ
චේතනාවෙන් හෝ එකම ක්‍රියාව නැවත නැවත සිදුවන අවස්තාවක් නම් එවැනි ක්‍රියා සයිබර්
හිංසන ගණයට වැටේ.
මෙවැනි
අවස්තාවක හිංසනයට ගොදුරුවන්නාගේ ආත්ම ශක්තිය හීන මට්ටමේ පවතී නම් සියදිවි නසා
ගැනීමේ ප්‍රවණතාවය වැඩි වන අතර විවිධ වූ මානසික ඇදවටීම් වලට ලක් වේග උදාහරණ ලෙස
බියවීම්ල අපේක්ෂා භංගත්වයල තරහවල කලකිරීම.
මීලගට අපි බලමු ඔබ සමාජ ජාල මාධ්‍ය භාවිතයේදී ඔබ විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවාද කියා
පුද්ගලයෙකුගේ
හැසිරීම් හෝ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමේ සදාචාරාත්මක මූලධර්ම ආචාර ධර්ම යනුවෙන්
සාමන්‍ය ව්‍යවහාරයේ දැක්වේ.
සරලව ගතහොත්
ඔබ පුද්ගලයන් සමඟ අන්තර් ක්‍රියා කිරීමේදී ඔබගේ හැසිරීමේ හෝ ක්‍රියාකාරකමේ ඇති
හොදල නරක හෝ හරි වැරද්දයි.
විනිවිධභාවය -
සමාජ ජාල භාවිතයේදී ඔබගේ තොරතුරු වල විනිවිධ භාවය ඉතාමත් වැදගත් වේග අතිශය පෞද්ගලික තොරතුරු හැර ඔබ විසින් තෝරාගත් තොරතුරු වල සත්‍ය අසත්‍යතාව පැහැදිලිව දැක්වීම ඔබට අනවශ්‍ය කරදර වලින් බේරී සිටීමට උපකාරී වේ.

සන්නිවේදනය -
ජාලගත වී සිටින පුද්ගලයන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේදී පුද්ගලිකත්වයට හානි නොවන ආකාරයට සන්නිවේදනය කර ගැනීම ඉතා වැදගත් වේ.
අන්‍යමත ඉවසීම -
පුද්ගල මත විවිධයග එකම කරුණක් දෙස පුද්ගලයින් දහදෙනෙක් බලන ආකාරය දස ආකාරයක්යග එනිසා ඔවුන්ගේ මත ඉවසීමට ඔබ පුරුදු විය යුතුය.
තොරතුරු බෙදා හැරීම -
අන්තර්ජාලය තුල තිබෙන සියලු තොරතුරුවල සත්‍ය අසත්‍යතාව නොදැන හුවමාරු කරගැනීම ඔබගේ මෙන්ම අන් අයගේද කීර්තිණාමයට කැළලකි.
ඉතින් ඉහත
කාරනාවන් අනුව ඔබගේ සමාජ ජාල දිවිය හැඩගස්සවා ගැනීමෙන් ඔබටත් ඔබ අවට සිටින අන්
යටත් සාමකාමී සමාජ ජාල භාවිතයකට මඟ පෑදේ.



